උගත් පාඩම් වාර්තාවට පෙර එහි නිර්දේශ කි‍්‍රයාත්මක කළා. - රජය.
2012 ජූනි 03 ඉරිදා- පස්වරු 06:38
උගත් පාඩම් කොමිසම් වාර්තාව එළිදැක්වීමට පෙර සිටම ජාතික සංහිඳියාව ගොඩනැගීමට රජය කටයුතු කළ බව වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප‍්‍රකාශ කළා. අම්පාර දිස්ත‍්‍රික් ගොවි නියෝජිත හමුවකට අද (03) දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
මේ අතර, ඉදිරියේ දී කාබනික පොහොරවලින් වී ගොවිතැන් සිදුකරන ගොවීන්ගේ අස්වැන්න වැඩි මිලකට මිලදී ගැනීමට ද රජය සූදානම් බව ද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.
