පරිගණක වෛරසයක් ගැන රාජ්‍ය ආයතන වෙත උපදෙස්.
2012 ජූනි 04 සඳුදා- පෙරවරු 07:29
ඉලක්කගතව කි‍්‍රයාත්මක වන පරිගණක වෛරසයක් සම්බන්ධයෙන් සියලූම රාජ්‍ය ආයතන දැනුවත් භාවයකින් සිටිය යුතු බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසනවා. හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොශාන් චන්ද්‍රගුප්ත කියා සිටියේ ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල මේ වන මෙම වෛරසය පැතිර යන බවයි. කෙසේ වෙතත් සෑම ආයතනයක්ම පරිගණක වෛරස ඇතුළුවීම වැළැක්වීම සඳහා භාවිතා කරන ආරක්ෂණ පද්ධතියක් යොදා ගන්නා ලෙසයි එම සංසදය පෙන්වා දෙන්නේ.
