මාරක දුම්රිය අනතුරක් නූලෙන් වැළකේ.
2012 ජූනි 04 සඳුදා- පෙරවරු 07:31
උඩරට දුම්රිය මාර්ගයේ සිදුවීමට ගිය විශාල අනතුරක් ඊයේ (03) නූලෙන් වැලකුණා. ඒ, කොළඹ - නුවර නගරාන්තර සීග‍්‍රගාමී දුම්රිය කඩුගන්නාව - බලන අතර පිහිටි 9 වැනි බිංගෙය තුළ කි‍්‍රයා විරහිත වීම හේතුවෙන්. බලන දුම්රිය ස්ථානයේ ප‍්‍රකාශකයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට සදහන් කළේ එන්ජිමේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය බිම් ගෙය තුළ නතර වී ඇති බවයි. මේ හේතුව නිසා දුම්රියේ ගමන් ගත් දහසක අධික මගීන් පිරිසක් දැඩි අපහසුතාවට පත්වී තිබෙනවා. බිම් ගෙය තුළ නතර වූ දුම්රියෙහි විදුලි පහන් ද කි‍්‍රයා විරහිතවීම හේතුවෙන් දුම්රියෙහි දැඩි අන්ධකාරයක් පැවතුනා. මෙම තත්ත්වය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා. මේ මොහොතේ එම මාර්ගයේ වෙනත් දුම්රියක් පැමිණියේ නම් විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බවයි බලන දුම්රිය ස්ථානයේ ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා. කඳුකර දුම්රිය මාර්ගයක් වන මෙහි දුම්රිය තැනිතලා ප‍්‍රදේශයක නතර වීම හේතුවෙන් එය ඉදිරියට හෝ පසුපසට ඇදී යාම වැළකුණු බවයි එම ප‍්‍රකාශකයා කියා සිටියේ. යම් හෙයකින් බෑවුමක් සහිත ස්ථානයක මෙම දුම්රිය නතර වූයේ නම් විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බව ද ඔහු පෙන්වා දුන්නා. කෙසේ වෙතත් මගීන් එම ස්ථානයෙන් ඉවත් වී බලන දුම්රිය ස්ථානයට ළගා වූ බවයි බලන දුම්රිය ස්ථානයේ එම ප‍්‍රකාශකයා සඳහන් කළේ. ක‍්‍රියා විරහිත වූ දුම්රිය ඉවත් කිරීම සඳහා තවත් දුම්රිය එංජින් හතරක සහාය පැතීම මෙහි තවත් විශේෂත්වයක් වනවා. නැවතුනු දුම්රිය ඉවත් කිරීම සඳහා ගෙන ආ අනෙකුත් දුම්රියන් තුන ද මෙහිදී කි‍්‍රයා විරහිත වී තිබෙනවා. මේ හේතුව නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ද දිගු වේලාවක් පුරා නතර කිරීමට ද දුම්රිය බලධාරීන්ට සිදුවුණා.
