දියමන්ති ජුබිලියට ජනපති ලන්ඩනයට.
2012 ජූනි 04 සඳුදා- පෙරවරු 07:33
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (04) අලූයම ලන්ඩන් නුවර බලා නික්ම ගියා. බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණ කිරුළ දරා 60 වසරක් සැමරීමේ දියමන්ති ජුබිලි උත්සවයට සහභාගිවීම සඳහායි ජනාධිපතිවරයා මෙලෙස ලන්ඩන් නුවර බලා පිටත් වුණේ. ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අද (04) අලූයම 12.40ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජනාධිපතිවරයා ඇතුළු ධුත පිරිස ලන්ඩන් බලා පිටත්ව ගිය බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. බි‍්‍රතාන්‍ය මහ රැජිණගේ දියමන්ති ජුබිලි උත්සවයට සහභාගි වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ ශ‍්‍රී ලංකා ධුත පිරිසට සාමාජිකයින් 35 දෙනෙකු ඇතුළත් වනවා.
