IMF නිලධාරීන් පිරිසක් අද දිවයිනට.
2012 ජූනි 04 සඳුදා- පෙරවරු 07:44
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිසක් අද (04) දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට සපයනු ලබන ණය මුදලේ අවසන් ණය වාරිකය ලබා දීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවට සහභාගිවීම සඳහායි. මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙරට සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිතයා සමග සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බවයි. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න මුදලක් ලබාදී තිබෙනවා. අවසන් වාරිකය ලෙස මෙරටට ලබාදීමට නියමිතව ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 425ක්.
