පාකිස්තානය ලකුණු 23කින් ශ‍්‍රී ලංකාව පරදයි.
2012 ජූනි 04 සඳුදා- පෙරවරු 07:47
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැති දෙවැනි විස්සයි විස්ස කි‍්‍රකට් තරගය ඊයේ (03) ලකුණු 23කින් ජයග‍්‍රහණය කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 122ක් රැුස් කළා. එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂයිඞ් අෆ්රිඞී නොදැවී ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවන් කුලසේකර සහ කෞලශ්‍ය ලොකුආරච්චි කඩුලූ 2 බැගින් දවා ගත්තා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 19යි පන්දු දෙකක් අවසානයේ සියලූ දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 99ක් පමණයි. පන්දු යැවීමේ දී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඞ් සමී සහ යසීර් අර්ෆත් කඩුලූ 3 බැගින් දවා ගත්තා. මේ අතර පාකිස්තාන කණ්ඩායමේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සංචාරයේ පළමු එක්දින තරගය ලබන 07 වැනිදා පල්ලෙකැළේ ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති.
