නුවරඑළියට පැමිණෙන්නට උපදෙස්.
2012 ජූනි 04 සඳුදා- පෙරවරු 08:32
නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් දිය ඇලිවල නෑමට යාමේදී අවධානයෙන් කටයුතු කළ යුතු බව දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි පවසනවා. ඊයේ (03) දිනයේ දී ද ගිනිගත්හේන ඇබර්ඞීන් දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා. ඔහු පෙන්වා දෙන්නේ දිය ඇලි ආශ‍්‍රිතව ගැඹුරු ස්ථාන පවතින හෙයින් දිය නෑමේ දී එවන් ස්ථාන පිළිබදව දැනුවත්ව සිටිය යුතු බවයි. ඒ පිළිබදව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම්වරයා.
