නුවරඑළියේ වතු යායක ගැටුමක්. - දෙදෙනෙකු මරුට.
2012 ජූනි 04 සඳුදා- පෙරවරු 10:30
නුවරඑළිය - මාගස්තොට වත්ත පහළ කොටස ප‍්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (03) රාත‍්‍රී කාලයේ දී මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. ඉන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ පිළවෙලින් වයස අවුරුදු 50ක් සහ අවුරුදු 25ක් පමණ වයසැති පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කලා. පහරදීමට සම්බන්ධ පුද්ගලයින් මේ වන විට ප‍්‍රදේශය අතහැර පළාගොස් තිබෙනවා. නිවසකට එල්ල වූ ගල් ප‍්‍රහාරයක් මෙම ගැටුමට හේතුව වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ.
