අතිරේක භෝග වගාවට යොමුවන්නැයි ඉල්ලීමක්.
2012 ජූනි 04 සඳුදා- පස්වරු 12:53
වියළි කලාපයට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්ත්වය නිසා වී නිෂ්පාදනය වෙනුවට අතිරේක භෝග වගාවට යොමු වන්නැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනවා. දැනට වියළි කලාපයේ වී වගා කර ඇත්තේ මුළු කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ 12න් ලක්ෂ 5ක පමණයි. එබැවින් ඉතිරි කුඹුරු ඉඩම්වල කව්පි, තල, මුං, බඩ ඉරිඟු වැනි අතිරේක භෝග වගා කිරීම සුදුසු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ඒ සදහා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන් වෙත බීජ ලබාදීමට ද අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
