තෙන්ඩුල්කාර් මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.
2012 ජූනි 04 සඳුදා- පස්වරු 12:56
සුපිරි ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් අද (04) එරට පාර්ලිමේන්තුවේ දී මන්ත‍්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දෙනු ලැබුවා. තෙන්ඩුල්කාර් එරට රාජ් සභාවේ සභාපති සමීඞ් අන්සාරි ඉදිරියේ දිවුරුම් දීම සිදුවුණා. පසුගිය දා ඉන්දියානු ජනාධිපතිනී ප‍්‍රතිභා පටෙල් විසින් සුපිරි කි‍්‍රකට් ක‍්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් හා බොලිවුඞ් චිත‍්‍රපට නිළි රේඛා එරට පාර්ලිමේන්තුවේ රාජ් සභාව සඳහා නම් කළා. පසුගිය මැයි මාසයේ දි ජනප‍්‍රිය බොලිවුඞ් නිළි රේඛා සිය මන්ත‍්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුව ද සචින් තෙන්ඩුල්කාර්ගේ දිවුරුම් දීම අද (04) දක්වා කල් ගියේ ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය හේතුවෙන්. ලබන වසරේ ඉන්දීය මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් පාලක කොංග‍්‍රස් පක්ෂය ජනතාවගේ ආකර්ශනය දිනා ගැනීම සඳහා මෙවැනි කි‍්‍රයාමාර්ග අනුගමනය කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළා.
