ස්වර්ණාභරණ නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර.
2012 ජූනි 05 අඟහරුවාදා- පෙරවරු 08:38
ස්වර්ණාභරණ නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණය හදුන්වා දීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ සදහා අවශ්‍ය නව තාක්ෂණික උපකරණ මේ වන විටත් මෙරටට ගෙන්වා ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ. මැණික් ඔප දැමීමේ උපකරණ සහ තක්සේරු උපකරණ මෙලෙස දිවයිනට ගෙන්වා තිබෙනවා. මෙහි මූලික අරමුණ වී ඇත්තේ මෙරට ස්වර්ණාභරණ නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙදපොළ තුළ ඉල්ලූමක් ඇති කිරීමයි. ජාත්‍යන්තර වෙළෙදපොළට ඉදිරිපත් කරන මැණික් නිෂ්පාදන දැඩි ප‍්‍රමිතියකට ලක් කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙරට නිෂ්පාදකයන්ට සහාය වනු ඇති.
