කැරළිකරුවන් අත්පත් කරගත් ගුවන් තොටුපළක බලය යළි ලිබියානු හමුදා අතට.
2012 ජූනි 05 අඟහරුවාදා- පස්වරු 04:00
කැරළිකරුවන් පිරිසක් විසින් අද (05) උදෑසන අත්පත් කරගත් ටි‍්‍රපොලි අගනුවර පිහිටි ගුවන් තොටුපළක බලය ලිබියානු ආරක්ෂක අංශ විසින් යළි තහවුරු කරගෙන තිබෙනවා. කැරළිකරුවන් මෙම ගුවන් තොටුපළ බලහත්කාරයෙන් අත්පත් කර ගත්තේ ලිබියානු අන්තර්වාර රජය විසින් අත්අඩංගුවට ගෙන ඇති තම නායකයා නිදහස් කරන ලෙස ඉල්ලමින්. ගුවන් තොටුපළ තමන් සතු කර ගැනීමෙන් පසු කැරළිකරුවන් එහි එක් කොටසක් විනාශ කර තිබෙනවා. ගුවන් පථයේද ස්ථාන දෙකකින් ගිනි ගැනීම් වාර්තා වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. කෙසේ වෙතත්, අද දහවල් වනවිට ගුවන් තොටුපළේ බලය ලිබියානු ආරක්ෂක අංශ විසින් අත්පත් කරගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කළත්, එය සාකච්ජා මාර්ගයෙන් හෝ හමුදා මෙහෙයුමකින් පසුව සිදුවූවාද යන්න තවමත් වාර්තා වී නැහැ.
