අල්ඛයිඩා සංවිධානයේ දෙවැනියාත් ඉවරයි.
2012 ජූනි 06 බදාදා- පෙරවරු 08:26
නියමුවන් රහිත ඩ්‍රෝන් යානා මගින් පාකිස්තානයේ වයඹදිග - ඇෆ්ගන් දේශසීමාවේ දී එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකින් අල්ඛයිඩා සංවිධානයේ දෙවැනියා ලෙස සැලකෙන යහියා අල් ලිබී මරණයට පත්වී ඇති බව ඇමරිකානු ආරක්ෂක අංශ තහවුරු කළා. මෙම ප‍්‍රහාරයේ දී ඔහු ඇතුළු 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය ප‍්‍රකාශ කළේ අල් ලිබිගේ මරණය අල්ඛයිඩා සංවිධානයට විශාල පාඩුවක් බව බවයි. අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඞ්න්ගේ මරණයෙන් පසු මෙම ලිබියානු ජාතිකයා පාකිස්තානයට පැමිණ එම සංවිධානයේ දෙවැනියා බවට පත්වී තිබුණා. කෙසේ වෙතත් පාකිස්තානය අල් ලිබිගේ මරණය මේ වන තෙක් තහවුරු කර නැහැ. පෙරේදා (04) ඇමරිකානු ගුවන් නියමුවන් රහිත ඩ්‍රෝන් යානා ප‍්‍රහාර එල්ල වූ අතර, එය සාර්ථකව සිදුකළ බවට ඔවුන් ඊයේ (05) නිළ වශයෙන් ප‍්‍රකාශ කළා.
