මැයි මාසයේ උද්ධමනය අඩුයි.
2012 ජූනි 06 බදාදා- පෙරවරු 08:33
කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය අනුව අපේ‍්‍රල් මාසයේ පැවැති සියයට 5.7ක් වූ උද්ධමනය මැයි මාසයේ දී සියයට 5.6 දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු පවසනවා. එමෙන්ම මැයි මාසයේ දී අර්තාපල්, මත්ස්‍ය සහ මුහුදු ආහාරවල මිල ඉහළ ගිය ද පළතුරු, පළාවර්ග සහ සීනි මෙන්ම කුළු බඩු මිලෙහි පහත යාමක් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන් වනවා. කෙසේ වුවත් ජූනි මාසයේ දී උද්ධමනයේ යළිත් වැඩිවීමක් දක්නට හැකි වනු ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන්.
