විස්සයි විස්ස ලෝක කුසලානයට ආරක්ෂක තර්ජනයක් නැහැ.
2012 ජූනි 08 සිකුරාදා- පෙරවරු 10:14
ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නොමැති බව ලෝක කුසලාන තරගාවලියේ අධ්‍යක්ෂ උපේකා නෙල් පවසනවා. මෙම තරගාවලිය පිළිබඳව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සතුව තිබූ ලිපි ගොනු රැුසක් සති දෙකකට පෙර අතුරුදන් වුණා. ඒ සමගම තරගාවලියේ ආරක්ෂාවට තර්ජනයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. කෙසේ වෙතත්, නිවේදනයක් නිකුත් කරමින් තරගාවලි අධ්‍යක්ෂිකා උපේකා නෙල් පවසන්නේ අදාළ ලිපිගොනු අතුරුදන් වීමත් සමගම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක කටයුතු භාර නිලධාරීයා මේ වනවිට සේවයෙන් ඉවත් කර ඇති බවයි. කෙසේ වූවත්, අද (08) පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව තරගාවලිය සඳහා නව ආරක්ෂක සැලැස්මක් කි‍්‍රයාත්මක කරන බවද එම නිවේදනයෙන් සඳහන්.
