විස්සයි විස්සේ සන්නාම තානාපති මාලිංග.
2012 ජූනි 08 සිකුරාදා- පස්වරු 01:26
ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සන්නාම තානාපති ලෙස ශී‍්‍ර ලංකා වේග පන්දු යවන කී‍්‍රඩාක ලසිත් මාලිංග තෝරාගත් බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පවසනවා. කි‍්‍රකට් කී‍්‍රඩාවේ සහ ඉන් පිටතදී ඔහු ලබා ඇති දක්ෂතා මෙම තෝරා ගැනීමට ප‍්‍රධාන සාධකය වූ බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ප‍්‍රධානී හරූන් ලොගාඞ් සඳහන් කරන්නේ. ලසිත් මාලිංගගේ කී‍්‍රඩා විලාසය සහ ඔහුගේ රූපය මේ වනවිට ලෝකයේ කි‍්‍රකට් සංකේතයක් බවට පත්ව ඇති බවද අයි.සී.සී. ප‍්‍රධානියා වැඩිදුරටත් පවසනවා. ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සිදුකෙරෙන ජාත්‍යන්තර සහ දේශීය සියලූ ප‍්‍රචාරක කටයුතුවලට ලසිත් මාලිංග එක්කර ගනු ඇති.
