ජනපති යළි දිවයිනට.
2012 ජූනි 09 සෙනසුරාදා- පෙරවරු 07:40
යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාව නගා සිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අති උතුම් 16 වන බෙනඩික් පාප් වහන්සේ අතර ඊයේ (08) සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවේ දී කතෝලික සභාව මගින් ශ‍්‍රී ලංකාවේ ජනතාවට සිදුවූ යහපත පිළිබදව ද සාකච්ඡාවට ලක්වී තිබෙනවා. ශ‍්‍රී ලාංකීය ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමාජයීය දියුණුව නගා සිටුවීම කෙරෙහි කතෝලික සභාව විශාල කාර්ය භාරයක් සිදුකර ඇති බවයි එහිදී සඳහන් වී ඇත්තේ. ජනාධිපතිවරයා සමග පැවැති හමුවෙන් අනතුරුව වතිකානුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ සියලූ ජාතීන්ට සුදුසු වන පරිදි ගෝලීය සාමුහික විසදුමක් කඩිනමින් සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
මේ අතර, බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ දියමන්ති ජුබිලියට සහභාගි වී ඉන් අනතුරුව වතිකානුවේ සංචාරය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) උදෑසන යළි ශ‍්‍රී ලංකාවට පැමිණියා.
