අප‍්‍රිකාවේ දී ජගත් සංවිධාන සාම සාධක භට පිරිසක් මරුට.
2012 ජූනි 09 සෙනසුරාදා- පෙරවරු 07:51
අප‍්‍රිකානු අයිවරි කෝස්ට් රාජ්‍යයේ දී ජගත් සංවිධාන සාම සාධක භටයන් 7 දෙනෙකු ප‍්‍රහාරයකට ලක්වී මිය ගොස් තිබෙනවා. ලයිබීරියානු දේශසීමාව ආසන්නයේ දී ඔවුන් සැඟව එල්ල කළ ප‍්‍රහාරයකට ලක්වූ බව සඳහන්. අයිවරි කෝස්ට් රාජ්‍යයේ දී මේ ආකාරයෙන් ජගත් සංවිධාන සාම සාධක භටයින් මිය ගිය පළමු අවස්ථාව මෙයයි. ඒ පිළිබදව දැඩි කම්පාවට පත්වූ බව ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මූන් ප‍්‍රකාශ කළා. අයිවරි කෝස්ට් රාජ්‍යයට ජගත් සංවිධාන සාම සාධක භටයන් යෙදවූයේ 2004 වසරේ දීයි. ඒ, එරට සිවිල් යුද්ධය අවසන් කොට දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරලීම පිණිසයි. කෙසේ නමුත් අයිවරි කෝස්ට් රාජ්‍යයේ හිටපු ජනාධිපති ලෝරන්ට් ගබාගෝ පසුගිය වසරේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ අනුගාමිකයන් සන්නද්ධ ප‍්‍රහාර එල්ල කරන බවට වාර්තා පළ වුණා.
