ලෙකෝ, විදුලිබල මණ්ඩලයට ආදර්ශයක්. - ඇමති පාඨලී.
2012 ජූනි 09 සෙනසුරාදා- පෙරවරු 11:15
විදුලිබල මණ්ඩලයේ පවතින දූෂණ සහ අකාර්යක්ෂමතාව නිසා ලබන පාඩුවලට නිසි පිළිතුරු ලංකා විදුලි පෞද්ගලික සමාගම ලබාදී ඇති බව විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ දැනටමත් සහනාධාර ලෙස විදුලිබල මණ්ඩලයේ විදුලිය ලබාදීම නිසා පාඩුවක් දැරීමට සිදුවී ඇති බවයි. ලංකා විදුලි පුද්ගලික සමාගමේ වසර 25කට අධික කාලයක් සේවය කළ සේවකයින් සඳහා තිළිණ ප‍්‍රදානය කිරීමේ උත්සවයකට කොළඹ දී අද (09) එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණ කළේ.
