කූඩ ගන්න සල්ලි නැහැ - වෙළදුන්ගෙන් චෝදනා.
2012 ජූනි 09 සෙනසුරාදා- පස්වරු 12:52
නම් කරන ලද පළතුරු වර්ග 11 ක් සහ එළවළු වර්ග 11 ක් ප‍්‍රවාහනයට කූඩ භාවිතය අනිවාර්ය කිරීමේ ගැසට් පත‍්‍රයක් පසුගිය ජනවාරි මාසයේදී සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබුවා. එම ගැසට් පත‍්‍රයට අනුව කටයුතු නොකරන ගොවීන් සහ ප‍්‍රවාහනය කරන්නන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරිම මේ වන විට ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශයේ ලේකම් සුනිල් එස්. සිරිසේන පවසනවා. පසුගිය දින කිහිපය තුළ කළ වැටලීම්වලින් කූඩ භාවිතයෙන් තොරව ප‍්‍රවාහනයේ යෙදුණු පුද්ගලයින් 27 දෙනෙකුට එරෙහිව නීති මගින් කටයුතු කර ඇති බව ලේකම්වරයා සඳහන් කළා. අප මේ පිළිබඳව කොළඹ මැනිං වෙළඳපොලේ වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පළතුරු සහ එළවළු ප‍්‍රවාහනයට කූඩ මිලදී ගැනීමේ අපහසුතාවයෙන් පවතින බවයි.
