දෙමළ සන්ධාන මන්ත‍්‍රීට එරෙහිව දේශ හිතෛෂීන් පරීක්ෂණයක් ඉල්ලයි.
2012 ජූනි 10 ඉරිදා- පෙරවරු 08:03
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අප්පාතුරෙයි විනායගමූර්ති පසුගියදා යාපනයේ පැවති උත්සවයකදී ජාතික කොඩිය එසවීම ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසනවා. එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් ප‍්‍රවණතාවයක් ලෙස මෙවැනි කි‍්‍රයාවල නිරත වන බවයි. සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරාගේ ප‍්‍රධානත්වයෙන් යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකදීයි අප්පාතුරෙයි විනායගමූර්ති මන්තී‍්‍රවරයා ජාතික කොඩිය එසවීම ප‍්‍රතික්ෂේප කළේ. ඒ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය ඔහුගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු දැක්වූයේ මෙවන් පිළිතුරක්.
මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර දැක්වූයේ මෙවන් ප‍්‍රතිචාරයක්.
මේ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය දක්වන අදහස් දැන ගැනීම සඳහා එහි ජාතික සංවිධායක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ අප සම්බන්ධ කර ගත්තා.
