අපි සූදානම්. - එ.ජා.ප.ය.
2012 ජූනි 10 ඉරිදා- පස්වරු 12:49
ලෝක වෙළඳ පළේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා ආණ්ඩුව වහා කි‍්‍රයාත්මක විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ආණ්ඩුව තවදුරටත් ජනතාව පීඩාවට පත් කරමින් සිටින බවයි.
මේ අතර ඕනෑම මැතිවරණ අභියෝගයකට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කළා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල මේ බව සඳහන් කළේ මහනුවර ඊයේ පැවති රැස්වීමක් අමතමින්.
එක්සත් ජාතික පක්ෂය රටේ ආර්ථිකය පිළිබඳව අසත්‍ය ප‍්‍රචාර සිදුකරන බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි ප‍්‍රකාශ කළා. ඔහු කියා සිටියේ පොසොන් දන්සැල්වලින් පවා ආර්ථිකය පිළිබඳ අදහස් පළ කෙරෙන බවයි. නියෝජ්‍ය කතානායකවරයා මෙම අදහස් පළ කළේ ගාල්ල - හබරාදුවේ ඊයේ පැවති උත්සවයක් අමතමින්.
