ලෝක වෙළඳපොලේ තෙල් මිල අවම අගයට.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
සපුගස්කන්ද පිරිපහදුව.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-25
ලෝක වෙළඳපොලේ තෙල් මිල අවම අගයට.
2012 ජූනි 10 ඉරිදා- පස්වරු 01:35



ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල දැන් වසර එකහමාරකින් අවම අගයට පැමිණ තිබෙනවා. මෙම සති අන්තයේදී ලන්ඩන් වෙළඳ පොළේ තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 98 ශත 6 ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු වෙළඳ පොළේ බොර තෙල් බැරලයක් අලෙවි වූයේ ඩොලර් 84 ශත 10 කටයි. බොර තෙල් මිල දැන් පවතින්නේ පසුගිය මාර්තුවේ පැවති තෙල් මිලට වඩා සියයට 25 ක් අඩුවෙන්. යුරෝපයේ ණය අර්බුදය සහ ඒ නිසා චීනයේ අපනයන කර්මාන්ත පහත වැටීම තෙල් මිල අඩුවීමට හේතු වී තිබෙනවා. කෙසේ නමුත් තෙල් මිල පහත වැටීම කර්මාන්තවල නිෂ්පාදන වියදම මෙන්ම පාරිභෝගිකයන්ගේ අනෙකුත් වියදම් අඩුවීමට බලපා ඇති බවයි ජාත්‍යන්තර වෙළඳ පොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. තෙල් මිල පහත වැටීමට තවත් හේතුවක් වී ඇත්තේ ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය නිෂ්පාදනය ඉහළ නැංවීමයි. මැද පෙරදිග කලාපයේ අර්බුදකාරී තත්ත්වයක් පැවතීම හේතුවෙන් සෞදි අරාබිය පසුගිය වසර පුරාම දිනකට තෙල් බැරල් මිලියන 9.5 ක් බැගින් නිෂ්පාදනය කළා. එහෙත් එම අතිරික්ත නිෂ්පාදනය කපා හැරීමට සෞදි අරාබිය දැන් තීරණය කර තිබෙනවා. තෙල් පමණක් නොව අස්ථාවර ආර්ථික වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳ පොළේ රන් සහ රිදී මිලද පහත වැටී ඇති බව සඳහන්. රන් මිල මේ වසරේදී සියයට 14 කින් පහත වැටී අතර රන් අවුන්සයක් දැන් අලෙවිවන්නේ ඇමරිකානු ඩොලර් 1586 කටයි.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)