තිසර පෙරේරා තරඟයකට කථා කරයි.
2012 ජූනි 10 ඉරිදා- පස්වරු 01:38
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවෙනි තරඟය ශ‍්‍රී ලංකා පිල ජයගැනීමත් සමග කණ්ඩායම් දෙකම දැන් එක් ජයග‍්‍රහණය බැගින් ලබාගෙන සිටිනවා. පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ ඊයේ (09) පැවති තරඟය ජයගැනීම සඳහා ශ‍්‍රී ලංකා පිලට ශක්තියක් වූයේ තිලකරත්න දිල්ෂාන් සහ තිසර පෙරේරායි. ශ‍්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 280 දක්වා ඉහළ නැංවීමට දිල්ෂාන් නොදැවී රැස් කළ ලකුණු 119 විශේෂයෙන් වැදගත් වූ අතර තිසර පෙරේරා පාකිස්ථාන කඩුලූ 6 ක් බිඳ හෙලූයේ ලකුණු 44 කටයි. තරඟය අවසන් වීමෙන් පසු අදහස් දැක්වූ තිසර පෙරේරා කියා සිටියේ ආරම්භක පිතිකරුවෙකු ලකුණු අතරට පැමිණීම කණ්ඩායමක් ජයග‍්‍රහණය කරා රැගෙන යන බවයි.
වාර්තා පිළිබඳ නොව තරඟය පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමේ වැදගත්කමද තිසර පෙරේරා පෙන්වා දුන්නා.
තිසර පෙරේරාගේ පන්දු යැවීම පාකිස්ථාන පිලට එරෙහිව එක්දින තරඟයකදී ඕනෑම රටක ක‍්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීමයි. ඕනෑම එක්දින තරඟයකදී විශිෂ්ඨතම පන්දු යැවීමේ වාර්තාව තවදුරටත් හිමිවන්නේ චමින්ද වාස්ටයි. ඒ 2001 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වාස් ලකුණු 19 කට කඩුලූ 8 ක් බිඳ හෙළමින් ශ‍්‍රී ලංකාවේදී පිහිටවූ වාර්තාවයි.
