වෙඩි තැබීමකින් ඇමරිකාවේ විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙකු ජිවිතක්ෂයට.
2012 ජූනි 10 ඉරිදා- පස්වරු 04:16
ඇමරිකාවේ ඇලබාමා ප‍්‍රාන්තයේ නිවාස සංකීර්ණයක ඊයේ රාත‍්‍රී සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම වෙඩි තැබීමෙන් තවත් සිසුන් තිදෙනෙකු පමණ බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. ඇලබාමා ප‍්‍රාන්තයේ නිවාස සංකීර්ණය ඇලබාමා විශ්වවිද්‍යාලයට අයත් නිවාස සංකීර්ණයක්. එබැවින් මෙම නිවාස සංකීර්ණයේ වැඩි වශයෙන් රැදී සිටින්නේ විශ්වවිද්‍යාල සිසුන්. කෙසේ වෙතත්, ආරක්ෂක අංශ විසින් කරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ තවත් එක් විශ්ව විද්‍යාල සිසුවෙක් විසින්ම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.
