20 - 20 ට දින ගැනීම අරඹයි.
2012 ජූනි 11 සඳුදා- පෙරවරු 08:11
එළඹෙන සැප්තැම්බර් මස 18 වැනි දින ශ‍්‍රී ලංකාවේ දී ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට තවත් ඇත්තේ දින 100ක කාලයක්. ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියක් ආසියානු රටක පැවැත්වෙන ප‍්‍රථම අවස්ථාව මෙයයි. ඒ වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ඊයේ පැවැත්වුණා. විස්සයි විස්ස ලෝක කුසලානයට දින ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මහනුවර දිස්ත‍්‍රික්කයේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන කාන්තා සහ පිරිමි පාසල් 100 ක් සඳහා ක‍්‍රිකට් පිති බෙදාදීමද මෙහිදී සිදුවුණා. මීට අමතරව විස්සයි විස්ස ලෝක කුසලානයේ ප‍්‍රවේශපත් නිකුත් කිරීමේ දෙවන අදියර ජූනි මස 12 වැනිදා සිට ආරම්භ කරන බවයි අයි.සී.සී. ය නිවේදනය කළේ. විස්සයි විස්ස ලෝක කුසලානයේ තරඟ කොළඹ, හම්බන්තොට, පල්ලෙකැලේ සහ ගාල්ල ක‍්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතයි. මෙවර තරඟාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කරන ශ‍්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ද ඊට එක්වුණා. එහිදී අදහස් දැක්වූ මාලිංග කියා සිටියේ රට වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමට ලැබෙන ඕනෑම තරගයකදී සියයට සියයක දායකත්වය ලබාදීම එකම අරමුණ බවයි. තරඟාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස පත්වීම පිළිබදව අදහස් දැක්වූ ලසිත් මාලිංග.
