තායිලන්ත ව්‍යාපාරිකයින්ට උපදෙස්.
2012 ජූනි 11 සඳුදා- පස්වරු 01:21
තම රටෙහි සහ ආසියානු කලාපයේ ආයතන පවත්වාගෙන තායිලන්ත ව්‍යාපාරිකයන්ට ශි‍්‍රී ලංකාවෙහි සිය ශාඛා ආරම්භ කරන ලෙස එරට රජය උපදෙස් දී තිබෙනවා. ඉන්දියාව සහ පාකිස්ථානය අතර වෙළඳ ගණුදෙණු සිදුකිරීමේදී ශ‍්‍රී ලංකාවේ ශාඛා පිහිටුවීම වැදගත් වනු ඇති බවයි තායිලන්ත රජය පෙන්වා දෙන්නේ. ඉන්දියාව සහ පාකිස්ථානය සමග ශ‍්‍රී ලංකාව පවත්වන නිදහස් වෙළඳ ගිවිසුම් ප‍්‍රයෝජනයට ගැනීමට හැකිවීම ඊට හේතුවයි. පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තායිලන්තයේ සංචාරයක නිරතවූ අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස එරට ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාද පෙන්වා දී ඇත්තේ මෙරට වෙළඳ බාධක නොමැති හෙයින් තායිලන්ත ආයෝජකයන්ට ශ‍්‍රී ලංකාවේ පහසුවෙන් ව්‍යාපාර පවත්වාගෙන යාමේ වටපිටාවක් නිර්මාණය වී ඇති බවයි.
