වැඩිහිටියන්ට නොසැලකුවහොත් රජයෙන් නඩු.
2012 ජූනි 12 අඟහරුවාදා- පස්වරු 12:24
වැඩිහිටියන්ට නොසලකන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව වැඩිහිටි ලේකම් කාර්යාලය පවසනවා. දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් වැඩිහිටියන්ට නොසලකන පුද්ගලයින් සම්බන්ධයෙන් පැමිණිලි දෛනිකව ඉදිරිපත් වන බවයි එහි අධ්‍යක්ෂිකා ජේ. ක‍්‍රිෂ්ණ මූර්ති සඳහන් කළේ. 0112 824 082 දුරකථන අංකයෙන් වැඩිහිටියන්ට නොසලකන පුද්ගලයන් සම්බන්ධයෙන් පැමිණිලි වැඩිහිටි ලේකම් කාර්යාලය ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට අවස්ථාව සලසා තිබෙනවා. මීට අමතරව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වැඩිහිටි ලේකම් කාර්යාලයට මෙවැනි පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා ඇති බවයි ඇය තවදුරටත් කියා සිටියේ.
මේ අතර, ලියාපදිංචිය ලබා නොගන්නා වැඩිහිටි නිවාස ඉදිරියේ දී වසා දැමීමට කටයුතු කරන බව සමාජ සේවා අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ආර්.එම්.එස්. රත්නායක මෙම කරුණු අනාවරණය කළේ හිරු ප‍්‍රවෘත්ති අංශය සමග දුරකථන සංවාදයකට එක්වෙමින්.
