පේරාදෙණිය - මහනුවර දුම්රිය මාර්ගය හෙට වැසේ.
2012 ජූනි 12 අඟහරුවාදා- පස්වරු 03:12
පේරාදෙණිය මංසන්ධියේ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය හෙට පෙරවරු 9.30 සිට පස්වරු 2.45 දක්වා තාවකාලිකව නතරකිරීමට පියවර ගෙන තිබෙනවා. දුම්රිය සැළසුම් අධ්‍යක්‍ෂ විජය සමරසිංහ හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දුම්රිය මාර්ගයේ තිබෙන පාලම් අලූත්වැඩියා කිරීම සඳහා දුම්රිය ගමනාගමනය තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බවයි. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ප‍්‍රධාන දුම්රිය ගමනාගමනයට බාධාවක් සිදු නොවන බවද සැළසුම් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා.
