ජ.වි.පෙ. තෙල් මිල ගැන විවාදයක් ඉල්ලයි.
2012 ජූනි 12 අඟහරුවාදා- පස්වරු 06:28
තෙල් සංස්ථාව විසින් තෙල් මිල පහත නොදැමීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ විවාදයකට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. තෙල් මිල අඩුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට උණසුම් කථා බහක් ඇතිවී තිබෙන්නේ පසුගිය ඉරිදා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා මාධ්‍ය හමුවේදි සිදුකළ ප‍්‍රකාශයත් සමගයි. එහිදී අදහස් දැක්වූ ප‍්‍රධාන ලේකම්වරයා කියා සිටියේ ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩුවූවත් මෙරට තෙල් මිල ඉහළ ගොස් ඇති බවයි. මේ එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.
ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා නගන චෝදනාව සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය ඊයේ (11) ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්තගෙන් විමසීමක් කළා. මේ එහිදී අදහස් දැක්වූ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත.
කෙසේ වුවත් අද නිවේදනයක් නිකුත් කරන ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරන්නේ තෙල් මිල සම්බන්ධයෙන් විවාදයකට තමන් සූදානම් බවයි. ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක.
මේ අතර එක්සත් ජාතික පක්ෂයද කොළඹදී අද (12) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩුවීමේ වාසිය මෙරට ජනතාවට ලබාදීම සඳහා ආණ්ඩුවට ක‍්‍රමෝපායන් නොමැති බවයි.
