රෝහිත් ෂෙට්ටි සතුටින්.
2012 ජූනි 13 බදාදා- පෙරවරු 08:50
බෝල් භච්චන් චිත‍්‍රපටය වෙනුවෙන් අමිතාබ් භච්චන් කිව්ව සින්දු පිළිබද අපි මේ ළගදිත් කතා කෙරුවා. අභිෂේක් භච්චන් සමග අජේ දේව්ගන් රගපාන මේ චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රෝහිත් ෂෙට්ටි. බිග් බී එක්ක වැඩ කරන්න ලැබිච්ච එක ගැන රෝහිත් ඉන්නේ පුදුම සතුටකින්. ‘‘ මම දන්නේ නැහැ ආපහු මට මේ වගේ අවස්ථාවක් ලැබෙයි ද නැද්ද කියලා. ඒ මොනව වුණත් අමිතාබ් භච්චන් එක්ක වැඩ කලා කියන්නේ හරියට මම දෙවියෙක් එක්ක වැඩ කලා වගේ. ’’ මෙහෙම කියන්නේ රෝහිත් ෂෙට්ටි. කොහොමත් ඉතින් බොලිවුඞ් තරු වලට ඉන්දියාවේ අය සලකන්නේ දෙවියන්ට වගෙනේ.
