දක්ෂිණ අධිවේගී මඟට ගවයෙක් ඇතුළු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට.
2012 ජූනි 13 බදාදා- පෙරවරු 11:36
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන වාහනවලට බාධා වන අයුරින් ගවයෙකු ඇතුළු කළ බව කියන පුද්ගලයෙකු අධිවේගී මාර්ග පොලිසිය විසින් ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මාර්ගයේ දෙපස ඇති ආරක්ෂිත වැට කඩා මෙම ගවයා ඇතුළත් කිරීමට උත්සාහ කිරිමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර - උක්වත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කළුතර දකුණ පොලිසිය වෙත භාර දී තිබෙනවා. සැකකරු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවයි කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ.
