බි‍්‍රතාන්‍යයේ ආගමන විගමන නීති වෙනස් වේ.
2012 ජූනි 13 බදාදා- පස්වරු 12:41
බි‍්‍රතාන්‍යය සිය ආගමන විගමන නීති වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, බි‍්‍රතාන්‍යයට පුරවැසිභාවය ඉල්ලා පැමිණෙන පුද්ගලයින්ට ඊට අවසර ලැබෙන්නේ තමා සහ පවුලේ අය නඩත්තු කිරිමට හැකියාවක් පවතින බවට ඔප්පු කළහොත් පමණක් බවයි එරට වාර්තා සඳහන් කළේ. මෙම නව නීති ජුලි මස 9 වැනිදා සිට කි‍්‍රයාත්මකයි. නව නීති මාලාවට අනුව, අනවසරයෙන් බි‍්‍රතාන්‍යයට ඇතුළුවීමට උත්සාහ කරන පුද්ගලයින් පිටුවහල් කිරීමට තීරණය කර තිබෙනවා.
බි‍්‍රතාන්‍යයට අඹුසැමියන් වශයෙන් පැමිණෙන පුද්ගලයින්ට වසර දෙකක් තුළ පුරවැසිභාවය ලබාදීමට කටයුතු කළ ද එය මේ වන විට වසර 5 දක්වා දීර්ඝ කර ඇති බව සඳහන්. එමෙන්ම 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට බි‍්‍රතාන්‍යයට පැමිණෙන සියලූම විදේශීකයන් විභාග දෙකකට පෙනී සිටිය යුතුයි. ඉන් එක් විභාගයක් වන්නේ ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ දැනුම පරීක්ෂා කෙරෙන විභාගයයි. අනිත් විභාගය බි‍්‍රතාන්‍ය පිළිබඳව පැවැත්වෙන බව ද එරට වාර්තා සඳහන් කළා. ශ‍්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් රැසක සංක‍්‍රමණිකයින් බි‍්‍රතාන්‍යයට පැමිණෙනවා. මොවුන් අතර නීති විරෝධී සංක‍්‍රමණිකයන් ද වන අතර බි‍්‍රතාන්‍යයට පැමිණෙන විදේශිකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුකොට ගෙනයි එරට රජය මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ.
