ටියුනීසියාවේ ප‍්‍රාන්ත 8 කට ඇඳිරි නීතිය.
2012 ජූනි 13 බදාදා- පස්වරු 01:20
ටියුනීසියාවේ ප‍්‍රාන්ත 8 කට ඊයේ රාත‍්‍රියේ සිට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එරට අගනගරය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකින් සාමය කඩ කිරිමේ සිද්ධීන් වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් විසින් පොලිස් ස්ථාන, රජයේ සහ පෞද්ගලික දේපලවලට හානි සිදුකර ඇති බව ටියුනීසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. අන්තවාදීන් සහ එරට පොලිසිය අතර ඇති වූ ගැටුම්වලදී කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
