දෙමළ ඩයස්පෝරාවට නිසි පිළිතුරක්.
2012 ජූනි 13 බදාදා- පස්වරු 06:27
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බි‍්‍රතාන්‍ය සංචාරය ශ‍්‍රී ලංකාවට වාසි රැසක් අත් වූ අතිශය සාර්ථක නිළ සංචාරයක් බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ප‍්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ බි‍්‍රතාන්‍ය මහ රැජිනගේ වජ‍්‍ර ජයන්ති උත්සවයට සහභාගි වීම සඳහා එරට රජ පවුලේ නිල ආරාධනයෙන් ජනාධිපතිවරයා සිදු කළ සංචාරය පිළිබඳව මාධ්‍ය ප‍්‍රධානීන් දැනුවත් කිරිමේ සාකච්ඡාවකට අද එක්වෙමින්. ශ‍්‍රී ලාංකීය ඉතිහාසයේ රාජ්‍ය නායකයෙක් බි‍්‍රතාන්‍යයේ සිදු කළ ඉහළම සංචාරය මෙයයි. ජනාධිපතිවරයාට මීට අදාළ ආරාධනය බි‍්‍රතාන්‍ය රජ පවුලෙන් ලැබුණු අතර විශේෂ ආරක්ෂාවක් ද සලසනු ලැබුවා. කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ජනාධිපතිවරයාගේ සංචාරයට එරෙහිව කුමන වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කළත් ඒවා අසාර්ථක වීම ද විශේෂත්වයක්. අනෙක් රාජ්‍ය නායකයන් සියලූදෙනා පොදුවේ එක් බස් රථයකින් ගමන් කරද්දී ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයාට වෙනම වෙඩි නොවදින වාහනයක් ලබා දී තිබූ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබුණා. දෙමළ ඩයස්පෝරාවේ කි‍්‍රයාකාරකම්වලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම සංචාරය තුළින් නිසි පිළිතුරක් ලැබුණු බවයි ජනාධිපති ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ. එම අවස්ථාවට එක් වූ බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කි‍්‍රස් නෝනිස් ප‍්‍රකාශ කළේ මහ රැජිනගේ උත්සවයට සමගාමීව ජනාධිපතිවරයාට සහභාගි වීම සඳහා විවිධ අවස්ථා 7 කට ආරාධනා ලැබී තිබූ බවයි. රට වෙනුවෙන් එම සියලූ අවස්ථාවන්හිදී උපරිම වාසිය ලබා ගැනීමට හැකි වූ බව ඔහු කියා සිටියා.
මෙම සංචාරයේ වැදගත්ම කොටස දෙමළ ඩයස්පෝරාවට ශ‍්‍රී ලංකාව යටත් නොවීමේ තීරණය බව ජනාධිපතිවරයා සමග බි‍්‍රතාන්‍ය සංචාරයට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන ප‍්‍රකාශ කළා. කොටි හිතවාදී ඩයස්පෝරාව බි‍්‍රතාන්‍යය තුළ ශ‍්‍රී ලංකාවට එරෙහිව විවිධ කි‍්‍රයාකාරකම් සිදුකළා. එමගින් ඔවුන්ට බි‍්‍රතාන්‍යයට එල්ල කළ හැකි බලපෑම පිළිබඳව ද මෙහිදී එරට නායකයන් නිසි අයුරින් දැනුවත් වූ බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ.
