ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් චීනයට සහ රුසියාවට බලපෑම්.
2012 ජූනි 14 බ්‍රහස්පතින්දා- පස්වරු 12:41
සිරියාව පිළිබඳව මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතු බව ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් රුසියාවට අවධාරණය කළා. ඇය පෙන්වා දෙන්නේ රුසියාව වගකීම් විරහිතව ක‍්‍රියා කළහොත් මැද පෙරදිග, රුසියාවට පවතින වටිනාකම අහිමිවනු ඇති බවයි. මේ අතර කොෆී අනන්ගේ සාම ක‍්‍රියාවලිය යථාර්ථයක් කිරීම සඳහා සහය දක්වන ලෙස ප‍්‍රංශයද රුසියාවෙන් ඉල්ලීමක් කරනවා. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොෆ් මීට ප‍්‍රතිචාරය දක්වමින් ප‍්‍රකාශ කර ඇත්තේ සිරියාවට එරෙහිව සිදුකරන බලහත්කාරකම් තමන් අනුමත නොකරන බවයි. ජගත් ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහිව යම් ක‍්‍රියාමාර්ගයක් ගතහොත් චීනය ඊට සහය නොදක්වන බවද ප‍්‍රකාශ කර තිබෙනවා. ඇමිනෙස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ සිරියාව මානව විරෝධී හා යුද අපරාධ සිදුකරමින් පවතින බවයි.
