යශ් චොප්රාගේ සිහිනය බොඳ වෙයි.
2012 ජූනි 15 සිකුරාදා- පෙරවරු 08:48
ශාරුක්ටයි අනුෂ්කටයි ආදරය කරන රසික රසිකාවියෝ නිසා යශ් චොප්රාගේ අලූත්ම චිත‍්‍රපටියේ රූගත කිරිම් ඇන හිටලා. නමක් නැති මේ චිත‍්‍රපටියේ රූගත කිරිම් තියෙන්නේ ලන්ඩන්වල. ඒ වගේම ශාරුක් සහ අනුෂ්කා ඉන්න ගොඩක් දර්ශන රූගත කිරිම් කරන්න තියෙන්නේ මහ පාරේ. මේ දෙන්නා ලන්ඩන්වලට ආවට පස්සේ රූගත කිරිම් බලන්න කට්ටිය වැළ නොකැඞී ඇවිත්. ඒකෙන් වුණේ කැමරා ශිල්පීන්ටයි, ශබ්ද පාරිපාලකවරුන්ටයි, තමන්ගේ වැඬේ හරියට වැඩ කරන්න බැරි වුණ එක. මොකද? පිටපතේ තිබුණ විදිහට රූගත කිරිම් කරන්න තිබ්බේ වැඩිය සෙනඟ නැති තැනක. ඉතින් අධ්‍යක්ෂවරයා රූගත කිරිම් අවලංගු කරලා. හැබැයි ඉතිං මේ වැඬේ හැමදාම කරන්න බැරි නිසා තිර පිටපත වෙනස් කළානම් හරි.
