ඔබාමාගෙන් සංක‍්‍රමණිකයන්ට සහන.
2012 ජූනි 16 සෙනසුරාදා- පෙරවරු 07:40
ඇමරිකාව නිර්මාණය වූයේ සංක‍්‍රමණිකයන්ගෙන් වුවත් නීති විරෝධී සංක‍්‍රමණිකයන් අද ඇමරිකාවට ද ගැටලූවක්. එහෙත් දෙවැනි වතාවටත් ජනාධිපති ධුරයට තේරී පත්වීම සඳහා තරග වදින බැරක් ඔබාමා එම නීති විරෝධී සංක‍්‍රමණිකයන් වෙත සහන ලබාදීමට තීරණය කර තිබෙනවා. මෙහිදී සහන සැලසෙන්නේ විශේෂයෙන් ලතින් ඇමරිකානු රටවලින් ඇමරිකාව වෙත පැමිණි නීති විරෝධී සංක‍්‍රමණියන්ටයි. වයස අවුරුදු 16ට අඩු ළමුන් ලෙස ඇමරිකාවට පැමිණ වයස අවුරුදු 30 ඉක්මවා නොමැති ඇමරිකාවේ 5 වසරක් පදිංචිව සිටි නීති විරෝධී සංක‍්‍රමණිකයන්ට මේ අනුව එහි සේවය කිරීමේ අවස්ථාව හිමි වනවා. එය වසර දෙකකට වරක් දීර්ඝ කළ හැකි සේවා බලපත‍්‍රයක්. කෙසේ නමුත් මෙය නීති විරෝධී සංක‍්‍රමණිකයන්ට ඇමරිකානු පුරවැසිභාවය ලබාදීමේ කෙටි මාර්ගයක් නොවන බව ජනාධිපති ඔබාමා අවධාරණය කළා. එහෙත් ඔබාමාගේ මෙම පියවර රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක මිට් රොම්නිගේ දැඩි විවේචනයට ලක්වී තිබෙනවා. ඔහු කියා සිටින්නේ මෙය නීති විරෝධී සංක‍්‍රමණික අර්බුදයට විසඳුමක් නොවන බවයි. කෙසේ නමුත් ඇමරිකාවට පැමිණ සිටින නීති විරෝධී සංක‍්‍රමණිකයන් අට ලක්ෂයකට පමණ මේ අනුව එහි රැදී සිටිමින් සේවය කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.
