කල් ඉකුත් වූ සිමෙන්ති කොට්ට දසදහසක්.
2012 ජූනි 16 සෙනසුරාදා- පස්වරු 06:34
කල් ඉකුත් වූ සිමෙන්ති තොගයක් නැවත අසුරා විකිණීමට සූදානම් කර තිබූ ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අද (16) වටලනු ලැබුවා. කොළඹ ආමර්වීදිය ප‍්‍රදේශයේ මෙම ගබඩාව පිහිටා තිබූ අතර, සිමෙන්ති කොට්ට 7000 ක් පමණ එහි සූක්ෂම ලෙස යළි අලෙවියට සූදානම් කරමින් තිබූ බවයි අධිකාරියේ නිලධාරියෙකු කියා සිටියේ. අදාළ ගබඩාව ශී‍්‍ර ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් ගබඩාවක් වීමද විශේෂත්වයක්. ඉන් කොටසක් නැවත අසුරනවලට පුරවා තිබූ අතර, අනෙක් සිමෙන්ති ඒ සඳහා සූදානම් කරමින් තිබුණා. පාරිභෝගික සේවා අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකළ අතර, සිමෙන්ති තොගය සහ ඒවා ඇසුරුම් කිරීමට යොදාගත් භාණ්ඩද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශී‍්‍ර ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් බව කියන මෙම සිමෙන්ති තොගය සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය එම සංස්ථාවේ සභාපති සිසිර පරනගමගෙන් විමසීමක් කළා.
මේ අතර, ඉන්දියාවෙන් ආනයනය කළ කල් ඉකුත් වූ සිමෙන්ති තොගයක් බණ්ඩාරගම ප‍්‍රදේශයේදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී පොලිසිය අද සොයාගෙන තිබෙනවා. බණ්ඩාරගම පොලිසිය සඳහන් කළේ සිමෙන්ති කොට්ට 3200 ක් පමණ එහිදී සොයාගත් බවයි.
