නිදැල්ලේ ගිය සත්තු වත්තේ ගෝනුන් තුන්දෙනා යළි කූඩුවේ.
2012 ජූනි 17 ඉරිදා- පස්වරු 12:50
දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ගේ‍්‍රට කුඩු වර්ගයේ විශාල ගෝනුන් තිදෙනෙක් ඊයේ (15) රාත‍්‍රියේ ඔවුන් රඳවා සිටි ස්ථානයෙන් පිටතට පැමිණ තිබෙනවා. මෙම ගෝනුන් අප‍්‍රිකානු වනාන්තරවල ජීවත්වන ශාක භක්ෂක සත්ව විශේෂයක් වනවා. මහජන ප‍්‍රදර්ශනය නිමාවූවාට පසුවයි මෙම සතුන් තිදෙනා උන් රඳවා සිටි කූඩුවලින් ඉවතට පැමිණ ඇත්තේ. ඉන් අනතුරුව සත්වෝද්‍යානයේ නිලධාරීන් විසින් එම සතුන් අල්ලා යළි ඔවුන් රැඳී සිටි ස්ථානවලට රැගෙනවිත් ඇති බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් භාෂ්වර සේනාංක ගුණරත්න කියා සිටියේ.
