ඩෙංගු ගැන විශේෂ සාකච්ඡාවක් හෙට.
2012 ජූනි 17 ඉරිදා- පස්වරු 12:55
ඩෙංගු රෝගය සීග‍්‍රයෙන් ව්‍යාප්තවීම පිළිබඳව හෙට (18) දිනයේදී ඩෙංගු මර්දන වැඩසටහනේ නිලධාරීන් කැඳවා කරුණු විමසීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. මේ වනවිට දිවයිනේ ප‍්‍රදේශ රැසක ඩෙංගු රෝගය නැවත වරක් සීග‍්‍රයෙන් පැතිර යමින් පවතිනවා. මෙලෙස ඩෙංගු රෝගය සීග‍්‍රයෙන් පැතිර යාමට ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ කිසියම් දෝෂයක් හේතුවී ඇද්ද යන්න සොයාබැලීම සහ රෝගය පාලනය කිරීම සඳහා ගතයුතු නව ක‍්‍රියාමාර්ග තීරණය කිරීමට මෙම සාකච්ඡාව කැඳවා ඇති බවයි අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ නිලධාරීන්ට අමතරව තවත් අමාත්‍යාංශ 12 ක නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගිවීමට නියමිතයි. මෙහිදී අන්තර් අමාත්‍යාංශ ඩෙංගු මර්ධන වැඩපිළිවෙලෙහි ප‍්‍රගතිය පිළිබඳවද වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. හෙට දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ගනු ලබන තීරණ, පළාත් පාලන ආයතන සමග එක්ව කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයා කියා සිටියේ.
