ජාත්‍යන්තරයේදී තවදුරටත් ශ‍්‍රී ලංකාවට කියුබානු සහය.
2012 ජූනි 17 ඉරිදා- පස්වරු 01:01
කියුබාවේ තුන් දින නිළ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) එරට ජනාධිපති රාවුල් කස්ත්‍රෝ හමු වුණා. කියුබාවේ හවානා නුවර විප්ලවීය මන්දිරයේදී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. මෙහිදී රාජ්‍ය නායකයින් දෙදෙනා දෙරටේම සෞඛ්‍ය, තාක්ෂණ සහ ක‍්‍රීඩා ක්ෂේත‍්‍ර නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡාව ආරම්භයේදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මානව හිමිකම් සැසියේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කියුබාව දැක්වූ සහය පිළිබඳව සිය ස්තූතිය කියුබානු ජනාධිපතිවරයා වෙත පළ කළා. වසර 50 කට වැඩි දෙරට අතර මිත‍්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඉදිරියේදී ජාත්‍යන්තර තලයේදී අන්‍යනෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමටයි දෙරටේ නායකයන් මෙහිදී එකඟ වුණේ. දෙරට අතර ආර්ථික සබඳතා ප‍්‍රවර්ධනය කරගැනීම කෙරෙහිද සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. ඒ සම්බන්ධයෙන් කියුබාවේ හවානා නුවර සිට හිරු ප‍්‍රවෘත්ති අංශය වෙනුවෙන් තොරතුරු ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාරක විජයානන්ද හේරත්.
