තුර්කියේ බන්ධනාගාරයක ගින්නකින් රැදවියන් 13ක් මරුට.
2012 ජූනි 17 ඉරිදා- පස්වරු 03:09
තුර්කියේ බන්ධනාගාරයක අද (17) ඇති වූ ගින්නකින් රැදවියන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ තවත් රැදවියන් 6 දෙනෙකු පමණ ගින්නෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. තුර්කියේ සැන්ලූර්ෆා ප‍්‍රදේශයේ පිහිටා ඇති එම බන්ධනාගාරය තුළ රැදවියන් 1000ක් පමණ රදවා සිටි බව සඳහන්. බන්ධනාගාර රැදවියන් විසින්ම ඊට ගිනි තබා ඇති බවයි එරට ආරක්ෂක අංශ කියා සිටියේ. කෙසේ වෙතත් බන්ධනාගාර රැදවියන් අතර මීට දින කිහිපයට පෙර සිටම යම් කලහකාරී තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.
