ප‍්‍රංශයට සමාජවාදී පාලනයක්. - ග‍්‍රීසියටත් වෙනසක්.
2012 ජූනි 18 සඳුදා- පස්වරු 01:11
යුරෝපයේ රටවල් 2 ක හා ඊජිප්තුවේ මේ වන විට මැතිවරණ අවසන්ව තිබෙනවා. ප‍්‍රංශයේ පැවති මහ මැතිවරණයෙන් වසර 32 කට පසු එරට තුළ සමාජවාදී පාලනයක් ස්ථාපිත කරමින් ජනාධිපති ප‍්‍රංෂුවා හොලාන්ඞ්ගේ සමාජවාදී පක්ෂය ජයග‍්‍රහණය කළා. මේ වන විට ප‍්‍රංශ ජනතාව වීථි බැස ප‍්‍රීති ඝෝෂා පවත්වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඔහු ප‍්‍රංශය තුළ සමාජවාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ කිහිපයකට සූදානම් වනවා. අයවැය 2017 දක්වා කල් දැමීමටත්, ආදායම් බදු ඉහළ දැමීමටත්, ගුරුවරුන් 60,000 අලූතින් බඳවා ගැනීමටත් ප‍්‍රංශ නායකයාගේ අපේක්ෂාවයි. මේ අතර ග‍්‍රීසියේ මහ මැතිවරණයෙන් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ජයග‍්‍රහණය කර ඇති අතර හැකි ඉක්මනින් රජයක් පිහිටුවන ලෙසයි ලොව පුරා නායකයන් ඉල්ලීමක් කර ඇත්තේ. ග‍්‍රීසිය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති මොහොතක පැවති මහ මැතිවරණය ඉතා වැදගත් වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක ඇන්ටෝනි සමරාස් සියලූ පක්ෂ එක් කර ගනිමින් ග‍්‍රීසිය ගොඩගත හැකි සන්ධාන රජයක් බිහිකිරිමට සූදානම් වනවා. ඊජිප්තුවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයකින් හිටපු ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමත් සමඟ ඊජිප්තුවේ ජනාධිපතිවරණයක් කැඳවා තිබෙනවා. ඉන් මුස්ලිම් අපේක්ෂකයා ජයග‍්‍රහණය කළ අතර හොස්නි මුබාරක්ගේ පක්ෂය නියෝජනය කළ අපේක්ෂකයා පරාජයට පත්වුණා. එහෙත් හමුදා පාලනය පවසන්නේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කරනතුරු නව ජනාධිපතිවරයාට බලය හිමි නොවන බවයි.
