ඉරානය යළි සාකච්ඡාවලට.
2012 ජූනි 18 සඳුදා- පස්වරු 06:54
ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් සය පාර්ශ්වික සාකච්ඡා වටයක් අද (18) යළිත් ආරම්භ කළා. ඒ, රුසියාවේ මොස්කව් නුවර දී. දින 2ක් පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, රුසියාව, චීනය, ප‍්‍රංශය සහ ජර්මනිය එක්ව සිටිනවා. මෙහිදී ලෝක බලවතුන් විසින් ඉරානයට යෝජනා 3ක් ඉදිරිපත් කර ඇති අතර, ඒ මත පදනම්වයි මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ. ඉරානයේ යුරේනියම් පිරිපහදුව සියයට 20 දක්වා අඩු කිරීම, දැනට පිරිපහදු කර ඇති යුරේනියම් අපනයනය කිරීම සහ ඉරානයේ ක්වෝම් නගරයේ පිහිටා ඇති යුරේනියම් පිරිපහදු මධ්‍යස්ථානය වසා දැමීම මෙම යෝජනා තුනයි. ඉරානය මෙම යෝජනාවලට එකග වන්නේ නම් ඔවුන්ට උදව් කිරීමට සූදානම් බවයි ලෝක බලවතුන් ප‍්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඉරානය කියා සිටියේ සාකච්ඡා සාර්ථක වුවහොත් තම රටට එරෙහිව පනවා ඇති සියලූ සම්බාධක ඉවත් කළ යුතු බවයි.
