මිස් බා ට තරගයක් මිස් වෙයි.
2012 ජූනි 20 බදාදා- පෙරවරු 07:45
පාකිස්තානු කි‍්‍රකට් නායක මිස් බා වුල් හක්ට තරග තහනමක් පනවා තිබෙනවා. ඒ අනුව ශ‍්‍රී ලංකාවට එරෙහිව මේ මස 22 දා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා ඔහුට එක්වීමට අවස්ථාව නොලැබෙනු ඇති. ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මොහුට මෙම තරග තහනම පනවා ඇත්තේ පසුගිය සඳුදා පැවැති 5 වැනි සහ අවසන් එක්දින තරගයේ දී නියමිත කාලය තුළ පන්දු වාර 50 යැවීමට අපොහොසත්වීම හේතුවෙන්. පාකිස්තානු පිළ නියමිත කාලය ඉක්මවා තවත් පන්දු වාර 3ක් යැවීමෙන් පසුවයි පන්දු වාර 50 අවසන් කර ඇත්තේ. තරග විනිසුරුවරුන් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව පාකිස්තානු කි‍්‍රකට් නායකයා සිය වැරැද්ද පිළිගෙන තිබෙනවා. මේ අනුව පිට පිට ටෙස්ට් තරග 23ක් ජය ගනිමින් පාකිස්තාන කි‍්‍රකට් නායකයෙකු තැබූ වාර්තාවට ළඟාවීමට මිස් බා වුල් හක්ට තිබූ අවස්ථාව මෙම සිද්ධියත් සමග අහිමිව යනු ඇති. මිස් බා වුල් හක් මේ වන විට පිට පිට ටෙස්ට් තරග 15ක් ජයගෙන තිබෙනවා.
