ඉඩම් වෙන්දේසිය අඩුවෙයි.
2012 ජූනි 20 බදාදා- පස්වරු 12:55
ඉඩම් කැබලිකර වෙන්දේසි කිරීමේ අඩුවක් පෙන්නුම් කරන බව මෙරට මූල්‍ය සමීක්ෂණ ආයතනයක් නිකුත් කල වාර්තාවක දැක්වෙනවා. වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ පසුගිය වසර කිහිපයට සාපේක්ෂව ඉඩම් අලෙවියේ සහ මිලදී ගැනීමේ වර්ධනයෙහි අඩුවක් පෙන්නුම් කෙරෙන බවයි. බැංකු ණය පොලී අනුපාතය ඉහළ යාම හා ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල ඉහළ යාම මේ තත්ත්වයට හේතුවක් බවයි එම වාර්තා මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප‍්‍රමාණ වීම මීට බලපා ඇති තවත් කරුණක්. ආනයන මිල ගණන් ඉහළ යාම ද ඉඩම් වෙන්දේසිය අඩුවීමට බලපා ඇති බවයි එම වාර්තා මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.
