බෑන් කී මූන්ගෙන් ලෝක බලවතුන්ට චෝදනා.
2012 ජූනි 21 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:39
ලෝක බලවතුන් සංවර්ධනය සඳහා යොමු කරන අවධානය පරිසරය වෙනුවෙන් යොමු නොකරන බව ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් පවසනවා. බ‍්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේ පැවැත්වෙන රියෝ ප්ලස් ටුවෙන්ටි සමුළුවේ සමාරම්භක දේශනය සිදුකරමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. 1992 පැවති මිහිකත සමුළුවේදී ලෝක බලවතුන් අතර ඇතිකරගත් එකඟතා කිසිවක් මේ වනතෙක් ක‍්‍රියාත්මක වී නොමැති බවද ඔහු මෙහිදී පෙන්වා දී තිබෙනවා. එම එකඟතා මේ වනවිට හුදෙක් ලියකියවිල්ලකට සීමාවී ඇති බවයි ජගත් මහ ලේකම්වරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.
