දිස්ත‍්‍රික්ක 14 ක සුනාමි පෙරහුරුවක්.
2012 ජූනි 21 බ්‍රහස්පතින්දා- පස්වරු 12:28
දිවයිනේ වෙරළබඩ තීරයේ දිස්ත‍්‍රික්ක 14 ක් ඉලක්ක කරගනිමින් හෙට දිනයේදී සුනාමි පූර්ව දැනුම්දීමේ පෙරහුරුවක් පැවැත්වීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා. ඒ අනුව හෙට (22) පස්වරු 3 ට මෙය ආරම්භ වන බවයි එහි මාධ්‍ය නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර ප‍්‍රකාශ කළේ. විශේෂයෙන් අදාළ දිස්ත‍්‍රික්ක තුළ තෝරාගත් ගම්මාන 11 ක පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණුද මෙම කාලය තුළ ක‍්‍රියාත්මක වන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
