මැර ප‍්‍රහාරය නොතකා ලබුඳු පාසලේ විරෝධතාවක්.
2012 ජූනි 21 බ්‍රහස්පතින්දා- පස්වරු 01:06
ගාල්ල - ලබුඳුව නිවාස දෙකකට ඊයේ (20) රාත‍්‍රියේ එල්ලවූ මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලීසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ. මැර ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ කුඩා දරුවෙකු තවදුරටත් කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. ගාල්ල - ලබුඳුව සිරිධම්ම ජාතික පාසලේ ස්ථීර විදුහල්පතිවරයෙකු ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක් අද සංවිධාන කර තිබුණා. ඊයේ එල්ලවූ මෙම මැර ප‍්‍රහාරයට ලක්වූයේ එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළ පිරිසක්. මේ ඊයේ රාත‍්‍රී තමන් මුහුණ දුන් අත්දැකීම හිරු ප‍්‍රවෘත්ති අංශයට පැහැදිළි කරන ප‍්‍රහාරයට ලක්වූ නිවසක කාන්තාවක්.
ඇය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළා.
කෙසේ වෙතත් ගාල්ල - ලබුඳුව සිරිධම්ම ජාතික පාසල ඉදිරිපිට සංවිධාන කර තිබූ විරෝධතාවය උදෑසන නියමිත පරිදි පැවැත්වුණා. විරෝධතාවයට එක්වූ දරුවන්ගේ දෙමාපියන් මෙලෙස අදහස් පළ කළා.
මේ අතර ඊයේ සිදුවූ මැර ප‍්‍රහාරයට දකුණු පළාත් සභාවේ කැබ් රථයක් පැමිණි බවට ප‍්‍රදේශවාසීන් දැක ඇතැයි සිද්ධියට මුහුණදුන් පුද්ගලයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළා. මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හිරු ප‍්‍රවෘත්ති අංශය දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා සම්බන්ධ කරගැනීමට කිහිපවිටක් ම උත්සාහ කළ නමුදු එය ව්‍යවර්ථ වුණා.
